ZOOM.LK මෙච්චර ජනප්‍රියතාවයක් ලබාගෙන ඉන්නේ සිංහල උපසිරැසි සදහා විම කවුරුත් දන්නා දෙයක්…ඉතින් මේ උපසිරැසි ගන්වන සමාජිකයින්ගේ මේ උත්සහාය අඟය කරනු වස් අපි පුංචි ත්‍යාග වැඩපිලිවෙලක් සුදානම් කලා… නමුත් මේ වගේ දෙයකින් ඔවුන් වෙන මේ මහන්සිය නම් මනින්න බැහැ. මොකද උපසිරැසියක් නිර්මාණය කරනවා කියන්නේ සැබැම අමාරු කාර්යයක් නිසා…. චිත්‍රපටියක් ඔබට එපා කරන්නත් ආසාවෙන් බලන්නත් ඔය නිර්මාණය කරන උපසිරැසියටම හැකියාව තියනවා. ඉතින් තමන්ගේ කාලය ඔබ වෙනුවෙන් මඳකට කැපකරලා මේ කරන දේ වෙනුවෙන් ඔක්තොම්බර් මාසයේ පටන් හැම මාසයකට අප උපසිරැසි කණ්ඩායමේ 3 දෙනෙක් සදහා ත්‍යාග පිරිණැමිමට අපි කටයුතු කරනවා… ඒ ඒ මාසයට අදාලව අපි ලබා දෙන ත‍්‍යාග වෙනස් වෙනවා… දැනට උපසිරැසි 5 කට වඩා අපිට ලබා දිමට කටයුතු කරපු ඕනිම සමාජිකයෙක් මේ තරඟයට අයත් වෙනවා. මේ ත්‍යාග වලට අමතරව ZOOM ටිෂර්ට්… හා සමරුසටහන් ලබා ගැනිමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා… එක පාරක් ත්‍යාග ලැබුනා කියලා එතැනින් නතර වෙන්නේ නැහැ ඊලඟ මාසෙත් ඔහුගේ හෝ ඇයගේ උපසිරැසි දායකත්වය වැඩි නම් තවත් වතාවක් ජයග්‍රහාණය කිරිමේ හැකියාව පවතිනවා… ඒකයි අපි කාලෙන් කාලේට ත්‍යාග වෙනස් වෙනවා කිව්වේ.
කවුරු හරි අපි එක්ක අලුතින් එකතු විමට අදහස් කරනවා නම් [email protected] ඊමේල් ලිපිනයට දන්වලා එවන්න…. ඔබ උපසිරැසි නිර්මාණයක් කිරිමට අදහස් කරනවා නම් ඒ උපසිරැසි පරිවර්තනය තමන්ගේම නිර්මාණයක් විම අත්‍යාවශ්‍යයයි. ගගුල් ට්‍රාන්ස්ලේට් වලින් කරලා එවන උපසිරැසි නම් අපි පල කරන්නේ නැහැ… එහෙම කරනවා නම් අපිටත් ඒ ක්‍රමයටම උපසිරැසි හදලා පහසුවෙන් දාන්න පුලුවන් නේ…. ඒ නිසා තමන්ගේම දැනුමෙන් නිර්මාණය කරන උපසිරැසියක් විම අත්‍යාවශ්‍යයයි.
මේ ත්‍යාග රටාව ඉදිරියටත් වෙනස් වෙනස් අයුරින් අපි කරන්න කටයුතු කරමින් ඉන්නවා…. එහෙනම් රැදි ඉන්න ZOOM.LK සමඟින් දිගටම
You must be logged in to post a comment.